කම්කරු දිනය සමරමු | Page 3 | සිළුමිණ

කම්කරු දිනය සමරමු

ර්ෂ1890 මැයි මස පළමුවන දින සිට ජගත් කම්කරු දිනය ලොව පුරා වෙසෙන කම්කරුවෝ සමරති. ඒ 1886 වසරේ මැයි 1 වැනි දින චිකාගෝ නගරයට හතළිස් දහසක පමණ වැඩ වර්ජිත කම්කරුවන් පිරිසක් එක්රොක් වී වීදි බැස තමන්ට පැය අටක සේවා මුරයක් ඉල්ලා සාමකාමී ලෙස පැවැත් වූ පෙළපාළියට පොලිසිය වෙඩි තැබීමෙන් කම්කරුවන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තවත් පනස් දෙනෙකු තුවාල ලැබීම සිහි කර ගෙනය. ශ්‍රී ලංකාවේ ප්‍රථම මැයි දිනය හෙවත් කම්කරු දිනය පවත්වනු ලැබුවේ 1927 වසරේ වන අතර මෙවර කම්කරු දිනය සැමරීමට කම්කරුවන් එක්වද්දී තම ජීවන අරගලයට උරදෙන මේ කම්කරුවා සිළුමිණ ඡායාරූප ශිල්පී විමල් කරුණාතිලකගේ කැමරාවට හසුවූයේ පිටකොටුවේ ගෑස්පහ හන්දියේදීය. 

Comments