කඩවත සමාධි මැදුරේ වෙසක් කලාපය මැයි 5, 6, 7 සහ 8 යන දිනයන්හිදී පැවැත්වේ. යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාත්මක වන වෙසක් කූඩු රාජයා වෙතින් දළදා පූජාව නිරූපණය වන අතර පටාචාරා කතා පුවත, අංගුලිමාල දමනය, අජාසත්ත කතාව, නේරංජනාව, ආදාහන චේතිය බුදුවරයන් විසි හතර නමකගෙන් විවරණ ලැබීම අසූමහා ශ්‍රාවක සෑය ආදිය ද මෙහිදී දැක බලා ගත හැකිය. මැයි 6 වැනි දින භක්ති ගීත සංදර්ශනය සහ 07 වැනි දින සවස දන්සලක් ද පැවැත්වේ.