
- කේන්දරයක එන හතර, හත, දහය කොටුවල ග්‍රහයන් නැත්නම් හතර කේන්දරේ පාළුයි
- හතර කේන්දරේ පාළු වූවෝ මහණකමට සුදුසු යැයි කීම විහිළුවක්
- පළමුවැනි කොටුවේ ග්‍රහයන් නැත්නම් කේන්දරේ බල අඩුවෙයි
ජන්ම පත්‍රයක හතර කේන්දරේ පාළුනම් එය ‘ශ්‍රමණ යෝගයක්‘ ලෙස ජන සම්මතයේ පවතී. මෙය වැරදි බව ඔබ දන්නවාද? අප මුලින්ම හතර කේන්දරය හඳුනා ගනිමු. ජන්ම පත්‍රයේ එන හතර, හත, දහය කොටු මීට අයත්ය. ඒවායේ ග්‍රහයන් පිහිටා නැත්නම් හතර කේන්ද්‍රය පාළු යයි කියනු ලැබේ. මෙකී පළමු කොටුවෙන් කියැවෙන්නේ ජන්මියාගේ ආත්ම ශක්තිය, ශරීර ශක්තිය ඉදිරිපත් වීමේ අභිතභාවයයි. එනම් පෞරුෂත්වයයි. ජන්ම පත්‍රයේ පළමුවැන්න පාළුනම් එම කොටුවේ බල අඩුවෙයි.
භික්ෂුන් වහන්සේ කෙනෙකුට සතර ආත්ම ශක්තිය තිබිය යුතුමය. ගමක ප්‍රදේශයක පිරිසකගේ ප්‍රධානියා ලෙස පුද්ගලයන් යහමඟට ගැනීම වෙනුවෙන් කටයුතු කරන ස්වාමීන්වහන්සේ පෞරුෂයෙන් පිරිපුන් අය වෙති.
මේ ශක්තිය බලය නැත්නම් මහණකමට සුදුසු යැයි කීම නිවැරදිද? 
සිවුවැනි කොටුවෙන් හදවත පිළිබඳ පැවසෙයි. සිතුවිලි ශක්තිමත් විය යුතුය. මූලික අධ්‍යාපනය ගේදොර පාලනය මෙයින් පිළිබිඹු වේ.
හත්වැන්න පිරිස, බලය පෙන්වන ස්ථානයකි. හවුල්කරුවන් සහයෝගයෙන් කටයුතු කිරීම පිරිස් බලය පාලනය මෙහෙයවීම මෙයින් කියැවේ. හත්වැන්න පාළුනම් ස්ථානය දුර්වල වේ. භික්ෂුන් වහන්සේට පිරිස් බලය තිබිය යුතුමය. කණ්ඩායම් මෙහෙයවීම් ජනතාව ආකර්ෂණය කර ගැනීමේ හැකියාව නොමැතිනම් මහණකමට සුදුසු වන්නේද ?
දසවැන්න කේන්ද්‍රයේ මුඳුන් ස්ථානයයි. තනතුරු ගෞරවනීයය. වැඳුම් පිදුම් ලැබීම නායකත්වය ප්‍රධානත්වය පිළිබඳව මෙයින් කියැවේ.
භික්ෂුන් වහන්සේනමකට තිබිය යුතුම ගුණාංග පිළිබඳ දසවැන්නෙන් කියැවේ.
සතර කේන්ද්‍රය මේ අනුව අත්‍යවශ්‍යම ගුණාංග රැසකට හිමිකම් කියයි. සතර කේන්ද්‍රය පාළුනම් ජීවිතයේ සැප අහිමි වන බව පෙනේ. නිවාස, පිරිවර, තනතුරු අහිමි වන තත්ත්වයකි. ලෙඩ රෝග විපත් ඇතිවෙයි.
මෙවැන්නෝ ශාසනයේ චිරස්ථිතියට සුරක්ෂිතභාවයට ඇත්වැලක් වේදැයි සිතිය හැකිද? ජනතාව නොමඟ යවන්නට ගුණදම් කියා දෙන්නට හැකි ශ්‍රමණ යෝගය ඇත්නම් සතර කේන්ද්‍රය පාළු වූවන් අතර විය හැකිදැයි සිතා බැලිය යුතු මූලික කරුණකි.
බුද්ධිමත් උසස් අධ්‍යාපනය ලැබිය හැකි එසේම මනා පෞරුෂයකින් හෙබි ඇත්තන් ශාසනයට අවශ්‍ය වන්නේය. ධනය, දේපළ ඇති එසේම ඒවා අනුන්ගේ 'යහපතට' කැප කළ හැකි නම් ශාසනයට ලැදි වුවෝ ඔවුහුය.
වැඳුම් පිදුම් ගරු සම්මාන හිමි වීමේ භාග්‍යය ඇති බුද්ධිය, ඥාන සම්පත්තිය මෙන්ම රාජ යෝග තිබෙන අය ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කැපවන්නන් බව බුද්ධ කාලයේ සිටම දැකිය හැකි කරුණකි.
තමන්ට වන විපත්වලින් මිදීමට ක්‍රියා කරන්නන් හෝ නිවාස, අධ්‍යාපනය, තනතුරු, නැණ නුවණ ලබන්නට වාසනාව නැත්තෝ සසුන් ලැදි නොවෙති.
එසේත් නැත්නම් ආත්මාර්ථය තකා සසුනට එක්වන්නෝය. බුදු සසුන ආරක්ෂා කර ගන්නට ජනතාව වෙනුවෙන් නිසි මඟ පාදා දෙන්නට සතර කේන්ද්‍රයේ සුබවාදී ග්‍රහ පිහිටීම ඇත්තෝ සසුනට එක්වීම භාග්‍යයකි.
විමුක්ති මඟ සොයා සියලු යස ඉසුරු අතහැර සසුන්ගත වන්නෝ සසුනට ලැදි අය වෙති.
ධනවතුන් උගතුන් සියලු සම්පත් අතහැර සසුන්ගත වෙයිනම් ආගම දහම සුරැකේ. ජනතාවට යහපත උදාවෙයි. තමන්ද විමුක්තිය උදාකර ගනී.
තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේගේ ලග්නය කටක ජන්ම පත්‍රයේ පළමු කොටුවේ ගුරු උච්චය සිවුවැන්නේ ශුක්‍ර ස්වක්ෂේත්‍ර වන අතර හත්වැන්නේ කුජ උච්චය. දසවැන්නේ රවි උච්චව බලවත්ව සිටි.
සිද්ධාර්ථ කුමරුගේ කේන්ද්‍රය ඉතා බලවත් වුවකි. සතර කේන්ද්‍රය බලවත්ව පිහිටා තිබිණි. එතුමෝ පැවිදිව තුන්ලෝකාග්‍ර වුහ. විමුක්ති මාර්ගය ලෙස දනට පෙන්වා දුන්නෝය. මේ කරුණු නිසි විග්‍රහයක යෙදුණු කල සතර කේන්ද්‍රය පාළු වුවෝ මහණකමට සුදුසුය යන ජනමතය දුරු වනු නිසැකය.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදිනී මාලනී සතරසිංහ











