ශ්‍රි ලංකා ක්‍රිකට් පිළට විශිෂ්ට ජයක් | Page 3 | සිළුමිණ

ශ්‍රි ලංකා ක්‍රිකට් පිළට විශිෂ්ට ජයක්

තරග දෙකකින් සමන්විත වූ සත්කාරක ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය  අතර පැවති ටෙස්ට් තරගාවලියේ ජය ශ්‍රී ලංකා කණ්ඩායම සතු කර ගැනීමට මීට සුළු මෙහොතකට පෙර සමත් විය
 
ඒ අනුව  ඉනිමක සහ ලකුණු 10ක ජයක් හිමි කරගනිමින් ශ්‍රි ලංකා කණ්ඩායම තරඟය ජයග්‍රහණය කළේය
 
පළමු තරගයේ ඉනිමක ජයක් අත් කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකියාව ලැබුණී. 
 
දෙවන තරගයේදී කුසල් මෙන්ඩිස්,නිශාන් මධුෂ්ක,දිමුත් කරුණාරත්න,ඇන්ජිලෝ මැතිව්ස් ශතකය පසු කරමින් ලකුණු රැස් කිරීමට සමත් විය 
 
එමෙන්ම මෙම තරඟයේ විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය අඩු තරග ප්‍රමාණයකින් වේගවත්ම කඩුලු 50 ලබා ගත් ක්‍රීඩකයා බවට පත් වෙමින් නව ලෝක වාර්තාවක් පිහිටු වීමට කටයුතු කළේය.

Comments