ප්‍රභාත් ජයසූරියගෙන් ලෝක වාර්තාවක් | Page 3 | සිළුමිණ

ප්‍රභාත් ජයසූරියගෙන් ලෝක වාර්තාවක්

 
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ  දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය නව ලෝක වාර්තාවක් තැබීමට සමත් වී තිබෙයි.
 
ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ අවසන් දිනයේ දී සිය 50 වැනි ටෙස්ට් කඩුල්ල ලෙස අයර්ලන්තයේ පෝල් ස්ටර්ලින් දවාලීමත් සමඟ වසර 71ක් පැරණි වාර්තාවක් බිඳ හෙළීමට ඔහු සමත් විය.
 
මිට පෙර අඩුම තරග ගණනකින් කඩුලු 50 ලබාගත් දඟ පන්දු යවන්නා ලෙස බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඇල්ෆ් වැලන්ටයින් විසින් වාර්තාව පිහිටුවා තිබුණී
 
ජයසූරිය ඔහුගේ හත්වැනි ටෙස්ට් තරගයේදී කඩුලු 50 සීමාවට පිවිසියේ එම වාර්තාව බිඳ නව ලෝක වාර්තාවක්ද සමගයි.
 
මේ අතර එම ටෙස්ට් තරග 7 තුළ ඉනිම 11ක පන්දු යවමින් ප්‍රභාත් ජයසූරිය මෙම කඩුලු 50 දවාගැනීමට සමත්විය.
 
ඒ අනුව අඩුම ඉනිම සංඛ්‍යාවකින් කඩුලු 50ක් දවාගත් පන්දු යවන්නාගේ ලෝක වාර්තාව සමකිරීමට ද ප්‍රභාත් සමත්වීම විශේෂත්වයක් වෙයි
 

Comments