රුපියල් කෝටි 05 ක වාලම්පුරියක් සමඟ පුද්ගලයෙක් කොටුවෙයි | Page 4 | සිළුමිණ

රුපියල් කෝටි 05 ක වාලම්පුරියක් සමඟ පුද්ගලයෙක් කොටුවෙයි

රුපියල් කෝටි 5 කට අලෙවි කිරිමට සුදානම් කර තිබු ටයිටේනියම් වර්ගයේ වාලම්පුරියක් සමග සැකකරුවෙකු අද (26) දහවල් නුවරඑළිය ගොරකාපතාන ප්‍රදේශයේ දි පොලිස් විශේෂ බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කැප්පෙටිපොළ පොලිසිය වෙත භභාරදුන් බව පොලිසිය පැවසිය
 
අත්අඩංගුවට ගත් සැකකරු 45 හැවිරිදි සිල්මියාපුර  ප්‍රදේශයේ පදිංචි අයෙකි.
 
මෙම සැකකරු සන්තකයේ විකිණීමට සුදානම් කරන ලද වාලම්පුරියක් ඇති බවට විශේෂ කාර්ය බලකායේ නුවරඑළිය කඳවුරේ නිලධාරීන් හට ලද තොරතුරක් මත මෙම පුද්ගලයා පරික්ෂාවට ලක් කිරිමේදි ඔහුගේ සන්තකයේ තිබු බැගයක තිබි මෙම වාලම්පුරිය හමුවි ඇතැයි ද පොලිසිය පවසයි
 
අත්අඩංගුවට ගත්  වාලම්පුරිය දිග අගල් 11.6 ක් සහ වට ප්‍රමාණය අඟල් 14 කින් යුත් අතර එහි බර ග්රැම් 500ක් බවත් එය සුදු, කහ සහ දුඹුරු මිශ්‍ර වර්ණයෙන් යුත් ටයිටෙනියම් වර්ගයේ එකක් බවද  පොලිසිය පැවසිය.
 
බන්ඩාරවෙල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදිප් කලුපහන මහතාගේ උපදෙස් මත කැප්පෙටිපොළ පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදුකරන බවද පොලිසිය පැවසිය.
 

Comments