සාපෙළ පැවැත්වෙන දිනය ගැන ඇමති කියයි | Page 3 | සිළුමිණ

සාපෙළ පැවැත්වෙන දිනය ගැන ඇමති කියයි

සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වැනිදා ආරම්භ කිරීමට නියමිත බවත්, දින 10ක් ඇතුළත විභාගය තියා අවසන් කරන බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි. 
 
පාර්ලිමේන්තුවේ දී අද (25)අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. 
 
එමෙන් ම පාර්ලිමේන්තුවේ දී අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය පිළිබඳ කල්වේලා ඇතිව දැනුම්දෙන බවයි.
 
මේ වන විට ප්‍රායෝගික පරීක්ෂණ අවසන් වී තිබෙන නිසා විභාග ප්‍රතිඵල ප්‍රමාදය අවම කර ගැනීමට හැකියාව ලැබෙන බව ද පසුගිය උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදු කරන ප්‍රශ්න පත්‍ර 10ක ආචාර්යවරු ඊයේ (24) දිනයේ එම කටයුතු ආරම්භ කළ බව ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Comments