
2019 වසරේ සිදු වූ පාස්කු ඉරිදා ත්‍රස්ත්‍ර ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් කතෝලික රදගුරු සම්මේලනයට යොමු කර තිබේ.
අදාළ වාර්තාව කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති කුරුණෑගල රදගුරු අතිඋතුම් හැරල්ඩ් ඇන්තනි හිමිපාණන්ට භාර දී ඇත.
ජනාධිපතිවරයාගේ අනුමැතිය සහිතව ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මෙලෙස කතෝලික රදගුරු සම්මේලනයට භාරදුන් බව අමාත්‍යවරයා පැවසීය.