ගුවන් හමුදා ඉතිහාසයේ අලුත් කරමින් වර්ණ ප්‍රදානයක් | Page 3 | සිළුමිණ

ගුවන් හමුදා ඉතිහාසයේ අලුත් කරමින් වර්ණ ප්‍රදානයක්

''සුරකිමු ලකඹර" තේමා පාඨය කර ගනිමින් ශ්‍රී ලාංකීය නිල් අඹර සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක්කරමින් ප්‍රථම වරට ගුවන් හමුදා කඳවුරු හා ඒකකයන් 21 ක් වෙත  ඒකක වර්ණ ප්‍රදානය කිරිමක් සිදු කෙරේ.  
 
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(24) ගුවන් හමුදා කටුනායක මුලික කදවුරේ දී එය අභිමානවත් අයුරින් සිදු විය. 
 
හමුදා ඒකකයකට ලබාගත හැකි ඉහලම ගෞරවය ලෙස වර්ණ සම්මානයන්ගෙන් පිදුමි ලැබිම හැදින්වේ.  
 
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උන්නතිය උදෙසා සිදුකළා වු සුවිශේෂි මෙහෙවර ඇගයිමට ලක් කරමින් ගුවන් හමුදාපතිවරයා විසින් කටුනායක, රත්මලාන, චින වරාය, අනුරාධපුර, වවිනියාව, හිගුරක්ගොඩ, යන ගුවන් හමුදා මුලික කදවුරු හා වන්නි, කොළඹ, අමිපාර, පලාලි, මඩකලපුව, මොරවැව යන ගුවන් හමුදා කදවුරු 12 ක් සදහා ද, චිනවරාය ගුවන් හමුදා කදවුරේ පිහිටි අංක 3 සමුද්‍රිය ගුවන් ආවේෂන බලඝණය හා වව්නියාව ගුවන් හමුදා කඳවුරේ පිහිටි අංක 111 නියමුවන් රහිත ගුවන් යානා බලඝණය යන පියාසර බලඝණයන් ද්විත්වය සදහා මෙන්ම මිරිගම ගුවන් ආරක්ෂණ අණ හා පාලන මධ්‍යස්ථානය, කටුනායක ගුවන් හමුදා ඉංජිනේරු පක්ෂාංගය, හා ගුවන් හමුදා සාමාන්‍ය ඉංජිනේරු පක්ෂාංගය සදහා මෙන්ම කොළඹ ගුවන් හමුදා අංක 32 ගොඩබිමි ගුවන් ආරක්ෂක බලඝණය, මොරවැව රෙජිමේන්තු විශේෂ බලකා බලඝණය, වන්නි අංක 46 විශේෂ ගුවන් මෙහෙයුමි බලඝණය හා පාලවි ගුවන් හමුදා බෝමිබ නිෂ්ක්‍රිය පුහුණු පාසල, යන ඒකකයන් 7 සදහාත් ඒකක වර්ණ පිරිනැමිම සිදු කරන ලදි.  
 
මෙම වර්ණ ප්‍රධාන පෙළපාලියේ අණදෙන්නා ලෙස ගුවන් හමුදා චීන වරාය විද්‍යාපිඨයේ පිඨාධිපති  එයාර් කොමඩෝර් දේශප්‍රිය සිල්වා නිළධාරීවරයා කටයුතු කරනු ලැබු අතර මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි තුමන්, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරින්, ගුවන් හමුදා නිළධාරින් හා සෙසු නිළයන් පිරිසක් සහභාගී විය. 
 

Comments