සවස් කාලයේ දී ගිගුරුම් සහිත වැසි | සිළුමිණ

සවස් කාලයේ දී ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි. මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි
 
සෙසු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
 
බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර, යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්ක වල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැක.
 
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Comments