ශ්‍රී ලංකාව සුඩානයේ වත්මන් තත්ත්වය සමීපව නිරීක්ෂණයක | Page 4 | සිළුමිණ

ශ්‍රී ලංකාව සුඩානයේ වත්මන් තත්ත්වය සමීපව නිරීක්ෂණයක

සුඩාන ජනරජය සඳහා අක්ත ගන්වා ඇති  කයිරෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, සුඩානයේ වත්මන් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි. 
 
කාර්ටූම් සහ එහි තදාසන්න ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකිකයන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වන තානාපති කාර්යාලය, ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇත.
 
හදිසි අවස්ථාවක දී සහය ලබාගැනීම සඳහා slcaironsular@gmail.com යන විද්‍යුත් ලිපිනය සහ +201272813000 යන දූරකථන අංකය ඔස්සේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සහ +249912394035 යන දූරකථන අංකය ඔස්සේ කාර්ටූම් හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් සයෙඩ් අබ්දෙල් මහතා සමඟ සම්බන්ධ විය හැකි ය.

Comments