දප්පුල ද ලිවේරාගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් | Page 3 | සිළුමිණ

දප්පුල ද ලිවේරාගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට අද කැඳවා තිබේ.
 
මේ අතර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට තමන් කැදවීම සම්බන්ධයෙන් දප්පුල ද ලිවේරා මහතා අභියාචනාධිකරණය හමුවේ අද(24) පෙත්සමක් ගොනු කළේය.
 
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සදහා හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට අද කැදවා තිබුණි. 
 
මීට පෙර පසුගිය 19 වැනිදා හා 21 වැනිදා ඔහුට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණ ද ඔහු එම දිනයන්හි එම කොට්ඨාසය වෙත පැමිණ තිබුණේ නැත. එහෙත් හිටපු නීතිපතිවරයා තම නීතීඥයින් මාර්ගයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කරුණු ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව දප්පුල ද ලිවේරා මහතාට තුන්වන වරටත් අද දිනයේ ත්‍රස්ත විමර්ශන කොට්ටාසයට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණි. අද දිනයේද ඔහු එම කොට්ඨාසය වෙත නොපැමිණිය හොත් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තාකිරීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කටයුතු කරනු ඇත.
 
මේ අතර හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අභියාචනාධිකරණය හමුවේ අද පෙත්සමක් ගොනු කළේය. ඒ ඔහු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවට කැඳව තිබූ පසුබිමක් තුලය.

Comments