
චීනයේ සිංහල භාෂාව උගන්වන ප්‍රධාන රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වන යුන්නාන් විශ්වවිද්‍යාලය සියශත සංවත්සරය සමරයි. 1923 ආරම්භ කළ යුන්නාන් විශ්වවිද්‍යාලය, චීනයේ ද්විත්ව පළමු පන්තියේ(double first class)විශ්වවිද්‍යාලයකි. එම විශ්වවිද්‍යාලය මගින් 2020 වසරේදී සිංහල භාෂාව ප්‍රධාන විෂයක් ලෙස ඉගැන්වීම ආරම්භ කරන ලද අතර දැනට චීන සිසුන් 40 දෙනෙකු පමණ එහි සිංහල භාෂාව හදාරයි.
යුන්නාන් විශ්වවිද්‍යාලයේ 100 වැනි සංවත්සරය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ ගෙවී ගිය ශත වර්ෂය තුළ යුන්නාන් විශ්වවිද්‍යාලය චීනයේ සහ යුන්නාන් පළාතේ ආර්ථික සංවර්ධනයට වැදගත් දායකත්වයක් ලබාදුන් බවට කිසිදු සැකයක් නොමැති බවයි. යුන්නාන් විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා අධ්‍යයන අංශයක් ආරම්භ කිරීම චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරන පාළමක් වනු ඇති බව එම සුබ පැතුම් පණිවුඩයේ දැක්වේ. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ යුන්නාන් විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සුගත් රත්නායක මහතා එහි සිංහල භාෂා පුස්තකාලයක් විවෘත කිරීමට ගත් අප්‍රතිහත ධෛර්යට කෘතඥතාව පළ කිරීමට ද මෙය අවස්ථාවක් කර ගන්නා බවයි.
යුන්නාන් විශ්වවිද්‍යාලයේ 100 වැනි සංවත්සරය වෙනුවෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ. එම පණිවුඩය අග්‍රාමාත්‍යවරයා විසින් යුන්නාන් විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සුගත් රත්නායක මහතා වෙත පසුගියදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී පිලිගන්වනු ලැබීය.
සිය සුබ පැතුම් පණිවිඩයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරන්නේ යුන්නාන් විශ්වවිද්‍යාලය ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශීය සිසුන් විසින් තෝරා ගනු ලබන්නේ එය සියශතවර්ෂයේ දීර්ඝ සම්ප්‍රදායන් සහ එහි ශාස්ත්‍රීයඋරුමය මත පදනම්වූ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා ක්ෂේත්‍රවල හොඳ අධ්‍යයන වාතාවරණයක් සහ හොඳ ස්ථාවර විද්‍යාත්මක පදනමක් ලබාදෙන නිසා බවයි.
ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් නිකුත් කළ සුබ පැතුම් පණිවුඩ යුන්නාන් විශ්වවිද්‍යාලයේනායකයින් වෙත පිරිනැමීමේ උත්සවයක් පසුගිය 13 වැනිදා යුන්නාන් විශ්වවිද්‍යාලයේදී පැවැත්විණ. එහිදී සිංහල අධ්‍යනාංශයේ කථිකාචාර්ය සුගත් රත්නායක මහතා විසින් යුන්නාන් විශ්වවිද්‍යාලයේ උප සභාපති මහාචාර්යHu Jinmingමහතා වෙත එම සුබ පැතුම්පණිවිඩබාරදීම සිදු කෙරුණා. එම අවස්ථාවට යුන්නාන් විශ්වවිද්‍යාලයේ විදේශ භාෂා පාසලෙහි පීඨාධිපති මහාචාර්ය Liu Shusen, ජාත්‍යන්තර සහයෝගිතා හා හුවමාරු සදහා වන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් වන මහාචාර්ය Wu Yun හා මහාචාර්ය Liu Peng මෙන් ම විදේශ භාෂා පාසලෙහි සිංහල භාෂා අධ්‍යයන හා පර්යේෂණ කාර්යාලයේ අධ්‍යක්ෂිකා Liu Yeමෙනවිය ද සහභාගී විය.
යුන්නාන් විශ්වවිද්‍යාලයේ 100 වැනි සංවත්සරය වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම් සංවිධානය කර තිබු අතර පසුගිය 19 වැනිදා රාත්‍රියේ 100 වැනිසංවත්සරඋළෙලවිචිත්‍රවත් ලෙස පැවැත්විණ. එහිදී සිංහල අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සුගත් රත්නායක මහතා ද සංවත්සර උළෙල අමතනු ලැබීය. ඔහු එහිදී පැවසුවේ වසර 100 ක් පැරණි යුන්නාන් විශ්වවිද්‍යාලය මේ වනවිට දසත සුවඳ විහිදුවමින් පවතින බවයි.
යුන්නාන් විශ්වවිද්‍යාලයේ ශත සංවත්සරය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජිං පින් මහතා මෙන් ම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන ඇතුළු ලොව පුරා රටවල විවිධ මට්ටමේ නායකයින් සුබ පැතුම් පිරිනමා ඇත. චීන ජනාධිපති ෂී ජිං පින් මහතා සිය සුබ පැතුම් පණිවුඩයෙන් පවසන්නේ යුන්නාන් විශ්ව විද්‍යාලය,වාර්ගික සමගිය සහ ප්‍රගතිය මෙන්ම චීනයේ දේශසීමා ප්‍රදේශවල සමෘද්ධිය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමේදී ක්‍රියාකාරී භූමිකාවක්ඉටුකර ඇති බවයි.