Startups ව්‍යවසායකයන් බලගන්වන අමිත් බොතේජු සහ Ekva LLC | සිළුමිණ

Startups ව්‍යවසායකයන් බලගන්වන අමිත් බොතේජු සහ Ekva LLC

නැඟී සිටීමට වෙර දරන මෙරට ව්‍යවසායකයන් හඳුනා ගෙන ඔවුන් බලගැන්වීමට කටයුතු කරන, ශ්‍රී ලාංකේය මූලයක් සහිත ඇමෙරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කර ගත් සමාගමක් වන Ekva LLC, ලාංකේය ව්‍යාපාර ක්ෂේත්‍රයට නව වෙනසක් එක් කරමින්, startups මට්ටමේ ව්‍යවසායකයන් සහ නවෝත්පාදකයන් එළිදැක්වීමේ අරමුණින් නව ව්‍යවසායකයන් 15 දෙනකු වෙත පහසුකම් සැලසීමේ සමාරම්භක අවස්ථාව ඇමෙරිකානු තානාපතිනී, ජුලී චන්ග් ගේ ප්‍රධානත්වයෙන් ෂැන්ග්‍රිලා හෝටලයේදී සිදු කෙරිණි.

දක්ෂ ව්‍යවසායකයන් ප්‍රවර්ධනය කිරීමේ සහ සවිබල ගැන්වීමේ අරමුණින් 2022 වසරේ පිහිටුවන ලද ek'celerator අරමුදල ඕනෑම ව්‍යාපාරික අදහසක්, සංස්ථාපිත හෝ සංස්ථාපිත නොවන ආරම්භක මට්ටමේ ව්‍යාපාරයක්, සාර්ථකත්වය ඔප්පු කළ හැකි ව්‍යාපාරික සංකල්පයක් (PoC) හෝ අවම ශක්‍ය නිෂ්පාදනයක් (MVP) හිමි ඕනෑම ව්‍යවසායකයකු වෙත සහයෝගය ලබා දෙයි. Ekva LLC ප්‍රධාන විධායක නිලධාරී සහ ජනප්‍රිය රැප් ගායක අමිත් බොතේජු පැවසුවේ,

" අපගේ ආයතනය නම් කර තිබෙන Ekva යන්නෙන් අර්ථ ගැන්වෙන්නේ 'එක්ව' සහ 'එකමුතුකම' යන්නයි. මෙම ව්‍යාපෘති හරහා අප බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ නව ව්‍යවසායකයින් දිරිමත් කිරීමයි. එමගින් ශ්‍රී ලංකාව නැවතත් පෙර මෙන් ගොඩනැංවීම සඳහා දායක වීමටයි. "

ජනප්‍රිය රැප් ගායක අමිත් බොතේජු සහ ඇමෙරිකානු තානාපතිනී ජුලී චන්ග්

ඡායාරූපයේ වේ.

Comments