
මෙරට ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් ආරම්භ කළ 'දිරි අභිමානී' දිරිය ව්‍යාවසායිකාවන් බලගැන්වීමේ වැඩසටහනේ ජාතික මට්ටමේ තෙවැනි වැඩසටහන ඉකුත් දා රාජගිරියේ, ශ්‍රී ලංකා මහ බැංකු විදු පියසේදී පැවැත්විණි. එහිදී 'RDB දිරි අභිමානී 2022' ජයග්‍රාහී ව්‍යවසායිකාවන් සඳහා කුසලතා, සහතික පත්‍ර සහ මුදල් ත්‍යාග පිරිනැමිණි.
මෙම අවස්ථාවට ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ප්‍රථම සභාපතිනී ආචාර්ය ජානකී කුරුප්පු මැතිනිය, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.එස්.කේ. ධර්මවර්ධන, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු කටයුතු කේන්ද්‍රයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා නිමාලි අබේසේකර, මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් දමිතා රත්නායක, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති එල්.ඊ. සුසන්ත සිල්වා, වැඩබලන සාමාන්‍යාධිකාරී සුමේද එදිරිසූරිය ඇතුළු බැංකුවේ කළමනාකාරීත්වය සහ ගනුදෙනුකරුවෝ ද සභභාගි වූහ.