
LankaPay Technnovation 2023 සම්මාන උලෙළේදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට PayMaster ජංගම දුරකතන යෙදවුම (APP) සමත් විය. ඒ, මූල්‍ය තාක්ෂණ අංශයේ වසරේ විශිෂ්ටතම පාරිභෝගික ගෙවීම්, ජංගම දුරකතන යෙදවුම වෙනුවෙන් රන් සම්මානය සහ වසරේ ජනප්‍රියතම ඩිජිටල් ගෙවීම් යෙදවුම වෙනුවෙන් කුසලතා සම්මානය දිනා ගනිමිනි.
සම්මානය දිනාගත් අවස්ථාවට එක්වූ Pay Master Solutions (Pvt) Ltd ප්‍රධාන නිෂ්පාදන විධායක නිමන්ති දිසානායක, LankaPay ආයතනයේ සභාපති ආචාර්ය කෙනත් ඩී. සිල්වා, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනිය T M J Y P ෆර්නැන්ඩු, Pay Master Solutions (Pvt) Ltd අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී රන්සික ඩී. සිල්වා සහ LankaPay ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී චන්න ඩී. සිල්වා ඡායාරූපයේ වේ.