M Power Capital නව විධායක නිලධාරී ලක්මාල් ජයරත්න | Page 2 | සිළුමිණ

M Power Capital නව විධායක නිලධාරී ලක්මාල් ජයරත්න

මෙරට ප්‍රමුඛතම ආයෝජන බැංකු සමාගමක් වන M Power Capital ආයතනයේ නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස ලක්මාල් ජයරත්න පත් කර ඇත.

බැංකු ක්‍ෂේත්‍රයේ වසර 20කට වැඩි අත්දැකීම් සහිත ඉතා දක්ෂ ආයෝජන බැංකු කරුවකු වන ඔහු, මහජන බැංකුවේ ආයෝජන බැංකු කටයුතු ඒකකයේ සහකාර සාමාන්‍යාධිකාරී වරයකු ලෙස ද කටයුතු කර ඇත. ආයෝජන බැංකුකරණය, ආයෝජන කළමනාකරණය, භාණ්ඩාගාර මෙහෙයුම් සහ ගිණුම්කරණය යන ක්‍ෂේත්‍රයන්හි පුළුල් දැනුම් සම්භාරයකින් ද සන්නද්ධ ලක්මාල් ජයරත්න, ඔස්ට්‍රේලියාවේ Certified Practising Accountant සාමාජිකත්වය ද, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සාමාජිකත්වය සහ එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකත්වය ද දරයි.

Comments