
Elephant House ප්‍රජා සත්කාර වැඩසටහන 'ගුණදමින් එලිෆන්ට් හවුස්' සහ Eco Spindles සමාගමේ සහයෝගීතාවෙන් පූජනීය ශ්‍රී පාදස්ථානයේ ප්ලාස්ටික් ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් ඉකුත් දා සිදු කෙරිණි. මස්කෙළිය ප්‍රාදේශීය සභාව, සීතගඟුල ග්‍රාම නිලධාරී කොට්ඨාසය, මස්කෙළිය වෙළෙඳ සංගමය සහ ප්‍රාදේශීය සභාවට සම්බන්ධ තවත් පාර්ශ්ව රැසක් මෙම වැඩසටහනට දායක වූ අතර, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් හා අරමුදල් සපයනු ලබන්නේ‘ගුණදමින් එලිෆන්ට් හවුස්’ විසිනි. දිනපතා ශ්‍රී පාදස්ථාන පරිශ්‍රයෙන් ඉවත් කරනු ලබන ප්ලාස්ටික් වෙන්කිරීම සහ පිරිසැකසුම් කිරීම Eco Spindles ප්‍රතිචක්‍රීකරණ කර්මාන්ත ශාලාවේදී සිදු කෙරේ.