
මෙරට ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් සහ Jeep රථ සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO සිය Jeep රථ පාරිභෝගිකයන් සඳහා වැඩි දියුණු කළ අලෙවියෙන් පසු සේවාවක් ලබා දීමේ අරමුණින් Jeep Performance Centre ආරම්භ කළේය. කොළඹ 14, DIMO 800, හි පිහිටි මෙමJeep Performance Centre තුළින් Jeep රථ හිමියන්ට අලෙවියෙන් පසු සත්කාරක විසඳුම් ලබා දෙන අතර, එයට දිවයින පුරා විහිදුණු පැය 24 තුළම ක්‍රියාත්මක මාර්ගස්ථ උපකාරක සේවා සහාය ද අයත් වේ.
DIMO හි Mopar පුහුණු තාක්ෂණික විශේෂඥයන් යටතේ මෙම සේවාවන් සියල්ලම සැපයෙන බැවින් Jeep හිමියන්ට තම Jeep රථයේ අලෙවියෙන් පසු සේවාව පිළිබඳ පුර්ණ විශ්වාසයක් තබාගත හැකිය.