
ඇමරිකා එක්සත් ජනපදයේ Business World International Organization සංවිධානය කළ Business World International සම්මාන උලළෙ පසුගියදා කොළඹ ටාජ්සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ව්‍යාපාර ආයතනවල විශිෂ්ටත්වය හඳුනාගෙන ඒවා අගය කරමින් ක්ෂේත්‍රයේ ඇති අභියෝග ජය ගැනීමට සහ ඔවුන්ගේ කුසලතා ලොවට පෙන්වීමට ව්‍යවසායකයන් දිරිමත් කිරීම මෙම සම්මාන උලෙළේ අරමුණයි.
සම්මාන උලෙළේ සම ප්‍රධාන ආරාධිත අමුත්තන් වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී.දොලවත්ත, AGSEP Research & Advisory සමාගමේ නිර්මාතෘ හා BWIO – USA අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මහාචාර්ය Dietmar Doering ය. ශ්‍රී ලංකා කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත සංගමයේ සභාපති මහාචාර්ය ආචාර්ය රොහාන් ද සිල්වා, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය අජිත් රෝහණ, ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්දිල් තොණ්ඩමන්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආඥාපති (විශ්‍රාමික) ආචාර්ය දොන් බන්දුල විජේමාන්න, Taian Lanka Steel Company සභාපති හා උත්සවයේ ප්‍රධාන අනුග්‍රාහක ආචාර්ය කේසවන් පද්මනාදන් ඇතුළු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.