
Kantar Sri Lanka විසින් සිදු කළ ගෘහස්ථ සමීක්ෂණයට අනුව බේබි ෂෙරමි මෙරට අංක එකේ ළදරු සත්කාරක සන්නාමය බවට සනාථ වී ඇත. 2021 සහ 2022 තුළ ළදරු ආරක්ෂණ කාණ්ඩයෙන් වෙළෙඳපොළ ප්‍රමුඛයා බවට පත් වූයේ ද බේබි ෂෙරමි සන්නාමයයි. LMD සඟරාව විසින් සනාථ කර ඇත්තේ ද "වඩාත් ආදරය දිනූ ළදරු සත්කාරක සන්නාමය" ලෙස මෙරට මවුපියන්ගේ සිත්ගත් සන්නාමය බේබි ෂෙරමි බවය.
බේබි ෂෙරමි නිෂ්පාදන සඳහා Safety Institute විසින් අධීක්‍ෂණය කරන ලද පියවර 8කින් යුත් ආරක්ෂණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වේ.