සිංගර් වෙතින් HONOR ලෝ ප්‍රකට ස්මාර්ට් ජංගම දුරකතන | සිළුමිණ

සිංගර් වෙතින් HONOR ලෝ ප්‍රකට ස්මාර්ට් ජංගම දුරකතන

ගෘහාශ්‍රිත ඉලෙක්ට්‍රොනික උපකරණ සහ උපාංග ක්ෂේත්‍රයේ ජනප්‍රියතම නාමයක් වන සිංගර් සමාගම විසින් ලෝක ප්‍රකට Honor සන්නාමය මෙරටට හඳුන්වා දීමට පියවර ගෙන ඇත. Honor සන්නාමය ශ්‍රී ලංකාවට ගෙන්වීමේ හා බෙදා හැරීමේ බලය ලත් එකම නියෝජිතයා වන්නේ සිංගර් සමාගමයි. Honor X Series නිෂ්පාදන පෙළ හඳුන්වා දෙන Honor සන්නාමය යටතේ උසස් තත්ත්වයේ ස්මාර්ට් ජංගම දුරකතන සහ උපාංග තරගකාරී මිල ගණන්වලින් මෙරට පාරිභෝගිකයන්ට මිලදී ගත හැකිය.

චීනයේ අංක 1 ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය ලෙස වර්ධනය වන Honor, ගෝලීය ස්මාර්ට් ජංගම දුරකතන වෙළෙඳපොළේ පාරිභෝගික ආකර්ෂණය දිනූ, ලොව වේගයෙන් ප්‍රවර්ධනය වන ජංගම දුරකතන සන්නාමයයි.

Comments