
මෙරට ප්‍රමුඛතම කතෝලික පාසල් දෙකක් වන මරදාන ශාන්ත ජෝසප් විදුහල හා බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර ‘මෝරිස් ජේ.ලෙගෝ පියතුමන් අනුස්මරණ කුසලානය’ වෙනුවෙන් පැවැත්වෙන, ‘89 වැනි සාන්තුවරයන්ගේ සටන’ අප්‍රේල් 28 සහ 29 දෙදින කොළඹ එස්.එස්.සී පිටියේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නියමිතය. ඩයලොග් ආසිආටා පී.එල්.සී සමාගම විසින් මෙම තරග සජීවීව ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 70 ඔස්සේ විකාශනය කිරීමටත්, Thepapare.com සහ Dialog ViU App ඔස්සේ සජීවීව stream කිරීමටත් කටයුතු යොදා ඇත.