මවුන්ට් ලෝටස් රෝහලෙන් මාස 7ක් තුළ සැත්කම් 1,000ක් | සිළුමිණ

මවුන්ට් ලෝටස් රෝහලෙන් මාස 7ක් තුළ සැත්කම් 1,000ක්

ශ්‍රී ලංකාවේ නවතම අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ රෝහලක් වන මවුන්ට් ලෝටස් රෝහල මාස 7ක් තුළ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් 1,000ක් සාර්ථකව සම්පූර්ණ කරමින් සුවිශේෂී සන්ධිස්ථානයකට ළඟා වී ඇත.

නවීන තාක්ෂණය සහ ජාත්‍යන්තර තත්ත්වයේ පහසුකම් සමඟින් ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සිදු කරනු ලබන මවුන්ට් ලෝටස් රෝහලේ පළපුරුදු අක්ෂි වෛද්‍ය මණ්ඩලය සහ මිත්‍රශීලී කාර්ය මණ්ඩලය රෝගීන්ගේ අවශ්‍යතා හොඳින් වටහාගෙන සෑම විටම ඔවුන්ට වඩාත් උසස් හා පුළුල් සේවා සත්කාර ලබා දීමට කටයුතු කරයි.

Comments