පිරමිඩ් විල්මා Great Place to work ඇගයීමට | සිළුමිණ

පිරමිඩ් විල්මා Great Place to work ඇගයීමට

 

Great Place to work නම් ස්වාධීන විශ්ලේෂණ ආයතනය විසින් සිදු කරන ලද සේවා ඇගයුම් සමීක්ෂණයේදී මෙරට පවතින විශිෂ්ට සේවා ස්ථානයක් ලෙස පිරමිඩ් විල්මා ව්‍යාපාර සමූහය ඇගයීමට ලක්ව ඇත. එම ඇගයීම් සහතිකය ලැබී ඇත්තේ පිරමිඩ් විල්මා සමාගමේ සේවකයන් විසින් උපයන ලද විශිෂ්ටතම ශ්‍රේණිගත කිරීම් පදනම් කරගනිමිනි. Great Place to work යනු ඉහළ විශ්වාසනීය බවක් සහ කාර්යසාධනයක් සහිත සේවා ස්ථාන සංස්කෘතිය පිළිබඳ ගෝලීය අධිකාරියයි.

පිරමිඩ් විල්මා සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ, සජාඩ් මව්සූන් පැවසුවේ Great Place to work නාමයෙන් පිදුම් ලැබීම ඉමහත් ගෞරවයක් බවයි. Great Place to work අධ්‍යයනයට අනුව සේවකයන් 500න් සියයට 96ක් පැවසුවේ එය විශිෂ්ට සේවා ස්ථානයක් බව Great Place to work හි ඇගයීම් සහ සේවාදායක සම්බන්ධතා ප්‍රධානි, රුවනි අල්විස්හේවා පැවසුවාය.

 


 

Comments