
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ සිංගර් (ශ්‍රී ලංකා) ශාඛා සමූහයේ සහයෝගිත්වයෙන් පිටරට සිටින ශ්‍රී ලාංකිකයන් විසින් මෙරටට එවන විදේශීය මුදල් වඩාත් පහසුවෙන් ලබා ගැනීමට සුවිශේෂී වැඩපිළිවෙළක් සකස් කර ඇත.
නේෂන්ස් ට්‍රස්ට් සහ සිංගර් ශාඛා 500කට වැඩි ගණනක් ඔස්සේ පාරිභෝගික ජනතාවට පහසුවෙන් මුදල් ලබා ගැනීමේ හැකියාව ලැබෙන අතර, එහිදී පිටරට සිට එවන මුදල් රු.200,000 දක්වා ලබා ගැනීමේ හැකියාව පවතී. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග අත්වැල් බැඳගෙන සිටින විදේශ ප්‍රේෂණ සේවා වන Ria, Transfast, Small World, iThamor, Al Zaman Exchange, Worldcom Finance, NEC, Brastel, Unigiros, Speed Remit, Srour, Buckzy, EzCash, City Exchange සහ Musharbash Exchange හරහා එවනු ලබන මුදල් මෙලෙස ලබා ගැනීමේ හැකියාව පවතී.