නිව් ඇන්තනීස් නව ආහාර සැකසුම් මධ්‍යස්ථානය විවෘත වෙයි | සිළුමිණ

නිව් ඇන්තනීස් නව ආහාර සැකසුම් මධ්‍යස්ථානය විවෘත වෙයි

ප්‍රමුඛතම මාංස ආහාර නිෂ්පාදන සමාගමක් වන නිව් ඇන්තනීස් ෆාම්ස් (පුද්ගලික) සමාගම ඉකුත් දා සිය නව මාංස ආහාර සැකසුම් මධ්‍යස්ථානය විවෘත කළේය. ඒ සමඟ ටොන් 200කට අධික ධාරිතාවක මාංස ආහාර නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීමේ හැකියාව සමාගමට හිමි වේ.

මෙරට හරිතාගාර වායු සහතිකකරණය හිමි සහ ISO 14064-1:2018 ප්‍රමිති සහතිකය හිමි එකම මාංස ආහාර නිෂ්පාදකයා වන්නේ ද නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගමය. හරිත කුකුළුමස් සංකල්පය හේතුවෙන් ප්‍රසිද්ධ නිව් ඇන්තනීස් සමාගම, දිවයින පුරා කිසිදු ප්‍රවාහන ගාස්තුවකින් තොරව තම නිෂ්පාදන බෙදාහැරීම පිණිස සමාගම ඇරඹූ දොරකඩපාලිය වැඩසටහන සහ 'Meatlery' නමින් ආරම්භ කළ නවතම මාංස ආහාර අලෙවි ජාලය ඒ අතරින් කැපී පෙනෙයි.

 

Comments