
තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ (COYLE)24 වැනි සැමරුම අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී ඉකුත් දා උත්කර්ෂවත් අන්දමින් සිදු කෙරිණ. මෙම අවස්ථාවට ගෞරවනීය ආරාධිතයා ලෙස එක්සත් ජනපද තානාපති, එච්. ඊ. ජූලීචන්ග් සහභාගි වූ අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ත්‍රිවිධ හමුදාවේ අණදෙන නිලධාරීන්, රජයේ නිලධාරීන් සහ ව්‍යාපාරික නායකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.
COYLE සතු සාමූහික අත්දැකීම්, විශේෂඥතාව සහ සම්බන්ධතා සැලකිල්ලට ගැනීමේදී ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා සැලකිය යුතු වටිනාකමක් සහ අවබෝධයක් ලබා දීමේ හැකියාව ඔවුන් සතුව පවතින බැවින් ආර්ථික පුනර්ජීවනය කඩිනම් කිරීමට ක්‍රියාකාරීව සම්බන්ධ වී කටයුතු කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස COYLE රජයෙන් ඉල්ලා සිටී.