කොමර්ෂල් බැංකුව LankaPay Technnovation සමස්ත ජයග්‍රාහකයා | සිළුමිණ

කොමර්ෂල් බැංකුව LankaPay Technnovation සමස්ත ජයග්‍රාහකයා

මෙරට පැවැත්වෙන එකම ගෙවීම් තාක්ෂණික නවෝත්පාදන සම්මාන ප්‍රදානෝත්සවය වන LankaPay Technnovation සම්මාන උලෙළේදී බැංකුකරණ ආයතනවලට ලබා දෙන සමස්ත සම්මානය ඇතුළු සම්මාන හතක් දිනා ගැනීමට කොමර්ෂල් බැංකුව සමත් විය.

බැංකුකරණ ආයතන සඳහා ලබා දෙන අන්තර් බැංකු ඩිජිටල් ගෙවීම් සඳහා වන සමස්ත විශිෂ්ටතා සම්මානය, පාරිභෝගික බැංකු ගෙවීම් සඳහා හොඳම බැංකුව, ලංකා QR තුළින් පාරිභෝගික බැංකු ගෙවීම් කටයුතු සඳහා භාවිත කරන හොඳම ජංගම දුරකතන යෙදුම, වසරේ හොඳම නව්‍ය බැංකුව යන රන් සම්මාන හතරක් ඇතුළත් වී තිබේ.

එසේම, හොඳම ඩිජිටල් ගෙවීම් උපාය මාර්ගය සඳහා වසරේ මූල්‍ය ආයතනය සහ වසරේ හොඳම ලංකාපේ කාඩ්පත් ක්‍රියාත්මක කරන්නා යන අංශ දෙක සඳහා රීදි සම්මාන සහ තවත් කුසලතා සම්මානයක් එහිදී කොමර්ෂල් බැංකුවට හිමි විය.

Comments