
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනී සුරේකා නිල්මිණි ඉලංකෝන් විසින් රචිත 'කුරවි' නවකතාව ජනගත කිරීම කොළඹ ලයිට්හවුස් ගැලේහිදී ඉකුත් දා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. 'කුරවි' ග්‍රන්ථය සුරේකා නිල්මිණි ඉලංකෝන් විසින් රචිත 16 වැනි නවකතාව වන අතර, එය ගාල්ලේ දෙව්මිණි පබ්ලිකේෂන්ස් ප්‍රකාශනයකි. කෘතියේ මුල් පිටපත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කුෂාණි රෝහණධීරට කතුවරිය විසින් පිළිගැන්වූ අවස්ථාව.