සීතාවක ඔඩිසි සෙනසුරාදාත් | Page 2 | සිළුමිණ

සීතාවක ඔඩිසි සෙනසුරාදාත්

දේශීය හා විදේශීය සංචාරකයන් ඉලක්ක කර සීතාවක අසිරිය දැක ගැන්ම උදෙසා සති අන්තයේ ඉරු දින ධාවනයට යොදන ලද ‘සීතාවක ඔඩිසි‘ සුඛෝපභෝගී දුම්රියට අධික මඟී ඉල්ලුමක් ඇති බැවින් ඉදිරියේදී එම දුම්රිය සෙනසුරාදා දිනවලදීත් ධාවනයට යෙදවීමට සැලසුම් කර ඇතැයි දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) වී. එස්. පොල්වත්තගේ සිළුමිණට කීය. ඉරිදා දින ධාවනය වන ‘සීතාවක ඔඩිසි‘

දුම්රියට වඩා වෙනත් කාල සටහනකට සෙනසුරාදා ඔඩිසි දුම්රිය ධාවනයට  සැලසුම් කර ඇතැයිද ඒ අනුව සෙනසුරාදා දුම්රිය පෙරවරු 8.30ට පමණ කොළඹින් ගමන් අරඹා ආපසු වග දුම්රිය ස්ථානයේ සිට කොළඹට පැමිණීම පස්වරු 6.00ට පමණ සිදු කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

සෙනසුරාදා දුම්රියෙන් සොබා අසිරිය දැන බලා ගන්නා අයට අමතරව අතරමඟදී ජල ස්නානය කරන පිරිස් වෙනුවෙන්ද ප්‍රමුඛතාව ලබා දීමට බලාපොරොත්තු වන බවද පොල්වත්ගේ මහතා පැවසුවේය.

Comments