
ජාතික නිදහස් පෙරමුණේ' නායක විමල් වීරවංශ විසින් "ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය" පිළිබඳව පුළුල් අධ්‍යයනයකින් රචනා කළ "නවය; සැඟවුණු කතාව" විමර්ශනාත්මක කෘතිය අප්‍රේල් 25 වැනි අඟහරුවාදා සවස 3.00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදැක්වේ.
තමන් මෙම කෘතියෙන් හෙළි කරන්නේ 2022 මැයි 09 වැනිදා සිට ජූලි 09 වැනිදා දක්වා උද්වේගකරව හමා ගිය 'ගාලුමුවදොර අරගල සුළියේ' සැඟවුණු කතාව බවත් තරුණ පරපුර මෙම සැඟව ඇති සත්‍යය අවබෝධකර නොගතහොත් ශ්‍රී ලංකාව තවත් එක් හයිටියක්, ලිබියාවක් හෝ ඉරාකයක් බවට පත්වීම වැළැක්විය නොහැකි බවත් විමල් වීරවංශ පෙන්වා දෙයි. එබැවින් කුමන අභියෝග මතු විය හැකි වුව ද මෙම සැඟව ඇති සත්‍යය අනාවරණය කිරීම තමන් හමුවේ වන අත්හළ නොහැකි වගකීමක් බවත් මෙම කෘතිය මඟින් ඉටු කිරීමට උත්සාහ දරා ඇත්තේ එම වගකීම බවත් ඔහු පෙන්වා දෙයි. උත්සවයේ දේශන දෙකක් පැවැත්වෙන අතර එම දේශන කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ සහ කෘතියේ කතුවර විමල් වීරවංශ විසින් පවත්වනු ඇත.