
දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට විකල්පයක් ලෙස ප්‍රතිත්‍රස්ත පනත ගෙන එන බව පැවසුවද එය ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ මානව විරෝධී පනතක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සිළුමිණට කීය. ත්‍රස්ත විරෝධී පනත
යටතේ අත්අඩංගුවට ගන්නා අයෙක් ලබා දෙන කටඋත්තරයක් පොලිසියේ සහකාර පොලිස් අධීකාරිවරයෙකුට වුවත් සාක්ෂියක් ලෙස පාවිච්චි කළ හැකියි; නමුත් නව පනත් කෙටුම් පතේදී එය ඉවත් කර ඇතත් මෙහි දරුණුම තත්ත්වය වන්නේ ත්‍රස්තවාදී ක්‍රියා ලෙස නම් කර තියෙන දේවල් ඉතා බරපතළ වීම බව ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දෙයි.
ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් උල්ලංඝනය කරන ආණ්ඩුව පිළිබඳව ජනතාවට විවේචනය කිරීමට නොහැකි බවත් ව්‍යවස්ථාවේ පවතින අදහස් පළ කිරීම හා විවේචන කිරීම, වැඩ වර්ජනය කිරීම් යන සියල්ල එමඟින් අහෝසි කර ඇති බවද ඔහු කීවේය. මේ පනත පවතින පාලනයට විරුද්ධව ජනතා නැඟී සිටීම් වැළැක්වීමට ගෙන එන පනතක් ලෙස අප අර්ථ දක්වන්නේ යැයි ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා වැඩි දුරටත් කීය.