
මේ දිනවල ශ්‍රී ලංකාව පුරා උණුසුම් කාලගුණයක් පවතින අතර දිස්ත්‍රික්ක 17ක උණුසුම ඉහළ මට්ටමක පවතී. මෙම අධික ගෝලීය උණුසුම් තත්ත්වය ශ්‍රී ලංකාවේ ජනයාට පමණක් නොව සියලු සතුන්ට පවා බලපා ඇති අතර මේ තත්ත්වය මැයි මස අවසානය දක්වා පවතින බව කාලගුණ විද්‍යාඥයෝ පවසති. රස්නය හේතුවෙන් තැඹිලිවලට පවතින ඉල්ලුමද වැඩි වී ඇති අතර තැඹිලි ගෙඩියක තොග මිල රුපියල් 200ක් දක්වා ඉහළ නැඟ ඇත. තැඹිලි තොග පිටින් අලෙවිකරන වෙළෙඳුන් පිරිසක් සිළුමිණ කැමරා ශිල්පී විමල් කරුණාතිලකගේ කැමරාවට සිකුරාදා පස්වරුවේ හසු වූයේ මෙසේය.