
හිටපු වෙළෙඳ, රාජ්‍ය ආරක්ෂක සහ අධ්‍යාපන ඇමැතිවරයකු වූ ලලිත් ඇතුලත්මුදලිගේ 30වන ගුණානුස්මරණය අප්‍රේල් මස 23 දාට යෙදී ඇත. වසර 1993 වසරේදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්වූයේ 57 වන වියේදීය. උසස් අධ්‍යාපනයේ නිරත වන සිසු සිසුවියන් දහස් ගණනකට සෙවණ ලබා දෙන මහපොළ සංකල්පයේ නිර්මාතෘවරයා ඔහුය.
1976 ජුනි මස 01 දින සිට රත්මලාන ඡන්ද කොට්ඨාසයේ සංවිධායක ධූරය භාරගෙන රත්මලානට පිවිසි ලලිත් ඇතුලත්මුදලි 1977 මහ මැතිවරණයෙන් රත්මලාන ආසනය දිනා, ජාතික රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දුන්නේය. ඔහුගේ ගුණ සමරුව නිමිත්තෙන් සැමරුම් වැඩ සටහන් ගණනාවක මෙවර සංවිධානය කර තිබේ.