
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, වෛද්‍යාචාර්ය
එම්. රූපසිංහ
බක් මාසය සෞභාග්‍යය උදා කරන ජනතාව මෙන්ම පරිසරයද අමුතු නැවුම් බවක් පෙන්වන ප්‍රබෝධජනක මාසයක් බවට අතීතයේ මෙන්ම වර්තමානයේද අනාගතයේද විශ්වාසය තබන බවට ජන සමාජයේ පිළිගැනීම වී ඇත. සතුන්ගේ මෙන්ම මිනිසාගේද පැවැත්මට අවශ්‍ය ආහාර වර්ග සුලබව දක්නට ලැබීම විවිධාකාර ගොවිතැන් කටයුතුවල පලදාව අස්වැන්න ලබා ගැනීම ඇතුළු මිනිසාගේ මෙන්ම සත්ත්වයාගේ පැවැත්මට සුබදායක වටපිටාවක් නිර්මාණය කරන බක් මාසය වාසනාවන්ත මාසයක් බවට පත්ව ඇත.
හිරු එළිය දෙස උදෑසන බලා තමන්ට ආලෝකයද ශක්තියද දෙන්නා වූ සූර්ය දිව්‍යරාජයාට නැටුමෙන් ගැයුමෙන්ද අංග චලනයෙන්ද තමන්ගේ ගෞරවය භක්තිය පුද කිරීමට පසුකාලීනව මිනිසා පෙළඹී ඇත. මෙම ආකාරයට ඇරඹි සූර්ය වන්දනාව අප රටට මෙන්ම ලෝකයේ විවිධ රටවලටද ප්‍රචලිත වී ඇති සංස්කෘතික අංගයක් බවට පත්ව ඇත. භාරතයේ රවි නමින්ද බැබිලෝනියාවේ මොග් නමින්ද මිසරයේ රේ නමින්ද දේවාල තිබීමද ජපානය ඇතුළු විවිධ රටවලද සූර්ය වන්දනය පිළිබඳ කැපවීමකින් කටයුතු කරයි. ජපානයේ මක්සුරී හෙවත් හිරු වන්දනය කිරීම චාරිත්‍රයක් බවට පත්ව ඇත.
ගෞතම බුදු රජාණන් වහන්සේ ද සූර්ය වංශිකයට සම්බන්ධ බවටද සඳහන් වේ. සමනල කන්ද (ශ්‍රී පාද ස්ථානය) අප බුදු හිමියන් වැඩීමට පෙර සිටම සූර්ය වන්දනාව සඳහා බැතිමතුන් පැමිණ ඇත. අතීතයේ සිට වර්තමානය මෙන්ම අනාගතය දක්වාද ශ්‍රී පාදස්ථානය කරා වන්දනාවේ එන බැතිමතුන් සමනොළ කඳු මුඳුනට පැමිණ ඉර සේවය නැරඹීම වන්දනාමාන කිරීමද කරනු ඇත.
ජපානයේ කියතෝ නුවර හිරු පිදීම වන්දනය කිරීම ගායනා කිරීමෙන්ද වාදනය කිරීමෙන්ද අවන්පත් සැලීමද කරනු ලබයි. සති පිරිත් භික්ෂු පරිශ්කාරකයක් ලෙස සැලකෙන වටාපතේ හැඩයට ඉන්ද්‍රඛිල රෙදිවලින් සැරසීමද ඒ තුළින් හිරු වන්දනා කිරීම පිළිබිඹු වන බවද පැවසේ. ප්‍රාග් මහින්ද යුගයට පසු බෞද්ධ දර්ශනයට අනුව හැඩ ගැසී ඇති බවට ඒ අනුව අප රටේද සති පිරිතේ දොරකඩ අස්න කියවීමේදී දෙවියන්ට ආරාධනා කර දොරකඩ අස්න කීමට පෙර රජ ආභරණවලින් සහ ඇඳුම් පැලඳුම්වලින් සැරසී දොරටු පාලකයින් දෙදෙනෙකුද සමඟ ඉරායුධ රැගෙන පැමිණීමද සිදු කරයි. මේ තුළින්ද සූර්ය දේව නමස්කාරය කරන බවට පැහැදිලිය.
යුරෝපයේ මැයි උත්සව සැමරීමේදී චිගෝනම් මානවයාට සමාන කෙනෙකු සිටින බවද ඔහු ඇපලෝ නමින් යුත් හිරු දෙවියන් නිරූපණය කරනු ලබති. චතුර්වේදයේ අංගයක් ලෙස සැලකෙන ජ්‍යොතිෂයට අදාළවද සූර්යාටද ප්‍රධාන ස්ථානයක් හිමිව ඇත. මුළු විශ්වයේ පීතෘකාරක වන රවී තම සපිරිවර ග්‍රහ මණ්ඩලය තමන්ගේ කක්ෂය වටා පිරිවරාගෙන මහා බලසම්පන්න අයුරින් මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන ආදී රාශීන්ද පසු කර යළි මේෂ රාශියට පැමිණීමද නැකැත් විසිහතේ අවසාන නැකැත වන රේවතී පසු කරමින් අස්විද නැකැතට පැමිණීම සමඟ හෙළයේ මහා මංගල්‍යය ලෙසට සැලකෙන සිංහල දෙමළ නව අවුරුද්ද උදාව පිළිබඳ ආකල්පය තුළින් අතීතයේ පටන් අප රටේද මිනිසා සමඟ බැඳී පවතින ජන ජීවිතවල සූර්ය දේව වන්දනය සිහි කෙරේ.
උඩරට ශාන්ති කර්මයක් ලෙස ප්‍රකටව පවත්නා කොහොඹා කංකාරිය කරනු ලබන අතර විශේෂයෙන් අස්වනු නෙළීමෙන් පසු මෙය සිදු කරන අතර අසාධ්‍ය රෝග සඳහා මෙම ශාන්තිකර්මය කර ඇත. මදුරු වසංගත රෝග මෙන්ම ගොවිතැන් කටයුතු සාර්ථක වීමටද සශ්‍රීකත්වය උදෙසාද සෑම වසරකම තම ඥාති පරම්පාරාවේ කවර හෝ නිවසක මිදුලේ මඩුවක් සාදා යහන් තනා ඒ තුළ දේව අභරණ වැඩම කොට රාත්‍රිය එළිවෙනතුරුම දේව යාදිනි ස්ත්‍රෝත්‍ර කියමින් රංගනය කරමින් සෙත් කිරීම සිදු කර ඇත.
පහතරට සම්ප්‍රදායනට අනුව ගම්මඩු දෙවොල් මඩු පැවැත්වීමද දේවාලවල ගම්වාසීන් එක්රැස් කර කිරි ඉතිර වීම සහ කිරිබත් සහිත දේව දානය සකස් කිරීම දෙවියන් පිදීම මෙන්ම පැමිණ සිටින සැමට ඉන්පසු දේව දානය ලබා දීමද අස්වැන්න සශ්‍රීක කරගැනීම මදුරු වසංගත රෝග බෝවීම වැළැක්වීම යක්ෂ භූත පිසාච දෝෂ දුරු කරගැනීමටද කලට වැසි ලැබීමටද සමගිය සාමදානය එකමුතුකම අපේක්ෂාවෙන් කරනු ලබන ශාන්ති කර්ම කිරීමෙන්ද සූර්ය වන්දනය මූලිකත්වයේලා සලකා අදාළ ශාන්ති කර්ම කිරීමද සිදු කරනු ඇත.
කෘෂි කාර්මික රටක් ලෙසින් වසර දහස් ගණනක සිට පැවතෙන ශිෂ්ටාචාරයක් ඇති අප රට සූර්ය මුල් කරගෙන කෘෂි කර්මාන්තයේ පැවැත්මට ද සතුන්ගේද ගස්වැල්වල පැවැත්මටද සූර්ය මුල්කරගෙන කටයුතු කිරීම කරනු ලබයි. සූර්ය වන්දනය සඳහා මුන්නේස්වරම් දේවාලය ඇතුළු දේවාල රාශියක් තිබි ඇති අතර සමනළ කන්ද නැඟ මුනි සිරිපා වැඳීමට එන ජනතාව ඉර සේවය බැලීම පරම්පරාවෙන් පරම්පරාවට උරුමව තිබීමද හිරු දෙවියන් කෙරේ ඇති ඇදහිල්ලටද හේතුවකි.
කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති සූර්ය දේවතාවගේ ශිලා මූර්ති හතරට අනුව ක්‍රිස්තු වර්ෂ දහවැනි සියවසෙන් පසුව සූර්ය දෙවියන් වැඳීමට අප වඩාත් පුරුදු වු බවට පැහැදිලි වේ. සූර්ය්‍ය දෙවියන්ගේ මූර්තිවල සිය දෙවුර මත නෙලුම් පොහොට්ටු දෙකක් දෑතින් තබාගෙන සිටින බවද එමඟින් සූර්ය සහ නෙලුම් මල් අතර සම්බන්ධතාව සූර්යා ලෝකය නිසා නෙලුම් මල් පිපෙන බවද ප්‍රකාශිතව ඇත.
අප රටේ කායිවල සූර්ය පද්ම චක්‍රය ස්වස්තික ලකුණු යොදා සකස් කිරීමද දක්නට ඇත. ද්‍රවිඩ ජනතාව හිරු දෙවියා මුල් කරගෙන අප්‍රේල් මාසයේ පැවැත්වෙන උත්සවය සමරන අතර සශ්‍රීකත්වය මුල් කරගෙන කෘෂිකර්මය මත ජීවත්වන ජනතාව කෘෂිකාර්මික කටයුතුවලින් ලබාගන්නා අස්වනු මෙන්ම එම අස්වනු ආහාරයට ගන්නා ජනතාවද කෘතගුණ සැලකීම සඳහා සූර්ය දේව වන්දනාවට මුල් තැනදී කටයුතු කරති.
සූර්යාගේ ගමන මුල් කරගෙන නව අවුරුදු උදාව අප්‍රේල් මස 14 වැනි සිකුරාදා අපර භාග 02.59ට උදාවන මොහොතයි. මෙම වේලාවට තම නිවසේදී කුමන ආගමකට ජාතියකට අයත් වුවද එක මවකගේ දරුවන් ලෙස සිතා තමන් අදහන ආගමේ ශාස්තෘවරයා සිහිපත් කර පහනක් දල්වා ඉන් පසු සූර්ය දිව්‍ය රාජයා සිහිපත් කර පහනක් දල්වා මෙම ගයත්‍රි මන්ත්‍රය හත් වරක් කියා සූර්ය දිව්‍ය රාජයාටද දේව මණ්ඩලයද සිහිපත් කර පින් දී ලැබූ නව වසර ඔබට ඔබගේ පවුලේ සැමට රටට ජනතාවට පවතින දුක්කම්කටොළු දුරු වී යහපත උදාකර දෙන මෙන් ඉල්ලා පින් දීම කරන්න.
සෑම දිනකම අලුයම සූර්ය දෙවියන් සිහි කර මෙම ගයත්‍රි මන්ත්‍රය කියන්න. ඉරිදා දිනක සූර්ය උදාවත් සමඟ මෙම ගයත්‍රි මන්ත්‍රය කියමින් සූර්ය දෙවිඳු නැමැදීමෙන් නීරෝගි සුවය බලය ශක්තිය සතුට ජීවිතයට ආලෝකය ලැබෙනු ඇත.
ඔම් බස්කරාය විද්මහේ
මහා තේජාය දිමහී
තන්නෝ සූර්යා ප්‍රවෝදයාත්
ඕම් අස්වද්වජාය විද්මහේ
පසා හස්තයා දිමහී
තන්නෝ සූර්යා ප්‍රවෝද යාත්
- සූර්ය ගයත්‍රි මන්ත්‍රය











