උප්පැන්න සහතිකය නැති අයටත් හැඳුනුම්පත ගන්න ක්‍රමයක් | Page 2 | සිළුමිණ

උප්පැන්න සහතිකය නැති අයටත් හැඳුනුම්පත ගන්න ක්‍රමයක්

 
උප්පැන්න සහතිකය නොමැති වීම හේතුවෙන් ජාතික හැඳුනුම්පත ගැනීමට නොහැකිව සිටින වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයන්ට ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමේ වැඩසටහනක් සකස් කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.
 
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා මේ බව සඳහන් කළේය
 
ඒ අනුව ග්‍රාම නිලධාරී කොට්ඨාසයක ස්ථිර පදිංචිය සහිත, ඡන්දහිමි නාම ලේඛණයේ ලියාපදිංචි, උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පතක් ලබාගෙන නොමැති වයස අවුරුදු 40 ඉක්මවූ ශ්‍රී ලාංකික පුරවැසියන්ට මේ සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව ලැබෙයි
 
මේ පිළිබඳ වැඩි විස්තර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරීන්ගෙන් ලබාගත හැකි වෙයි
 
මීට අදාළ නිවේදනය පහතින් දැක්වෙයි

Comments