විදුලිබල මණ්ඩලයේ සේවය කාර්යක්ෂම කිරීමට යෝජනා රැසක් | Page 2 | සිළුමිණ

විදුලිබල මණ්ඩලයේ සේවය කාර්යක්ෂම කිරීමට යෝජනා රැසක්

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව විදුලි අධිකාරීවරුන්ගේ සංගමයේ නිළධාරීන් සමග ඊයේ(19) සාකච්ඡාවක් පවත්වනු ලැබීය.
 
මෙම යෝජිත ක්‍රියාවලිය වෙනුවෙන් ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කරන ලද අතර එම යෝජනා සහ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම අතර ප්‍රතිපත්තිමය වශයෙන් සමානතාවයන් බොහෝ ඇති බව දක්නට ලැබුණි.
 
එමෙන්ම එම ක්‍රියාවලිය විනිවිදභාවයෙන් සිදු කල යුතු බවත්, සේවකයන් පිළිබඳව කටයුතු කිරීමේදී සැලකිය යුතු කරණු පිළිබඳවද යෝජනා ඉදිරිපත් කළේය.
 
තවද විදුලිබල මණ්ඩලයේ සේවය කාර්යක්ෂම කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කල හැකි යෝජනා ඔවුන් විසින් ඉදිරිපත් කර තිබුනි.
 
මෙම අවස්ථාවට ප්‍රතිව්‍යුහගත කමිටු සාමාජිකයන්ද සහභාගී විය.
 

Comments