
නවක වෛද්‍යවරුන් එක්දහස් 320 කට ලබන 25වැනිදා පත්වීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැළසුම් කරයි. ඒ අනුව මෙම වෛද්‍යවරුන් එදින සිට දිවයින පුරා රෝහල් වෙත අනුයුක්ත කෙරෙනු ඇත.
මේ වන විට මෙරට සමස්ත වෛද්‍යවරුන් සංඛ්‍යාව එක්ලක්ෂ අනූ දහසක් පමණ වේ. නව වෛද්‍ය පත්වීම් සමඟ එම සංඛ්‍යාව දෙලක්ෂය ඉක්මවයි.
පසුගිය කාලයේ රටෙහි පැවති ආර්ථික ගැටලු හමුවේ පවා වෛද්‍යවරුන් විශාල සංඛ්‍යාවකට එක්වර පත්වීම් ලබා දීමට හැකි වීම මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව ලැබූ ඉහළ ජයග්‍රහණයක් බව අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
වාර්ෂිකව වෛද්‍ය විද්‍යාල සඳහා ඇතුළත් කෙරෙන සිසුන් සංඛ්‍යාව පන්දහස දක්වා ඉහළ නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් උපදෙස් ලැබී තිබේ.
ඒ අනුව මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ ගුණාත්මක වර්ධනයක් ඉදිරියේදී අපේක්ෂා කරන බව රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි.