
අවාරයේ ශ්‍රිපාද වන්දනා කරන සමහරුන් ශ්‍රිපාද වන්දනා මාර්ගවල ජල නළ ,වැසිකිළි සහ අම්බලම් ඇතුළු පොදු පහසුකම්වලටත් පරිසරයටත් හානි සිදු කරන නිසා රාජ්‍ය අනුමැතියකට යටත්ව සීමිත පිරිසකට පමණක් අවාරයේ ශ්‍රිපාද වන්දනා කිරිමට අවසර ලබාදි සෙසු අයට අවාරයේ ශ්‍රිපාද වන්දනාව තහනම් කිරිමට පියවර ගන්නා ලෙස ශ්‍රිපාදස්ථාණාධිපති ,ඌව වෙල්ලස් විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් රාජ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලිමක් කළහ.
මෙවර ශ්‍රිපාද වන්දනා සමයේ සමාප්තිය සනිටුහන් කිරීමේ විශේෂ පෙරහැර සංවිධානය කටයුතු පිළිබඳව ඊයේ (18) පැවැති උත්සවයක දී කුලපති හිමියන් මෙම අදහස් පළ කර ඇත.
පර්‍යේෂණ නිබන්ධන ඉදිරිපත් කිරිම ,අධ්‍යාපන කටයුතු කිරිම ,පොත්පත් ලිවිම වැනි කටයුතු සදහා අවාරයේ ශ්‍රිපාද වන්දනා පැමිණෙන අයට ඒ සදහා අවස්ථාව ලබදිය යුතු බවත් ශ්‍රිපාදස්ථාණාධිපති නාහිමියෝ පැවසුහ.
විදේශ සංචාරකයන් සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බවත් උන්වහන්සේ සදහන් කළහ.
2022/2023 උතුම් ගෞතම ශ්‍රී පාද වන්දනා වාරය සමාප්තිය සනිටුහන් කරමින් සධාතුක කරඩුව හා සමන් දේව ප්‍රතිමාව රැගත් රිය පෙරහැර ලබන මස වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයෙන් පසුදින ශ්‍රී පාදස්ථානයේ සිට පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරය වෙත වැඩම කරවීමට නියමිතය.
2022/2023 වර්ෂයේ උතුම් ගෞතම ශ්‍රී පාද වන්දනා වාරය 2022 වර්ෂයේ දෙසැම්බර් මස 07 වෙනි දිනට යෙදුණ උඳුවප් පුර පසළොස්වක පොහෝ දින ආරම්භ විය.
මෙම අවස්ථාවට ගෞරවණීය මහා සංඝරත්නය, සබරගමු පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය, රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් බී.ටී.ජී.අයි. කරුණාරත්න, අතිරේක දිස්ත්‍රික් ලේකම් ජී.ඩී.එල්. උදයකුමාරි, රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සේනක වීරසිංහ, සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් මිගාර ජයසුන්දර යන මහත්ම මහත්මීන්,ප්‍රාදේශීය ලේකම්වරු, කුරුවිට යුධ හමුදා කඳවුරෙහි නිලධාරීන් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සපයන රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් මෙන්ම රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයෝ පිරිසක්ද සහභාගී වූහ.