
2023 වසරේ සංචාරය කිරීමට හොඳම රටවල් 23න් එකක් ලෙස ශ්‍රී ලංකාව, ෆෝබ්ස් සඟඟරාව විසින් ලැයිස්තුගත කර ඇත.
සම්මානලාභී සංචාරක චිත්‍රපට නිෂ්පාදකවරියක් වන ජූලියානා බ්‍රොස්ට් (Juliana Broste) ශ්‍රී ලංකාව 2023 දී සංචාරය කිරීමට හොඳම ස්ථානවලින් එකක් ලෙස ලැයිස්තුගත කිරීමට මෙලෙස නිර්දේශ කර තිබේ. ඒ අනුව 2023 වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 23 න් එකක් ලෙස ශ්‍රී ලංකාව Forbes ලැයිස්තුවේ ලැයිස්තුගත කර ඇත.
ඡායාරූප චාරිකාවකදී ගමනාන්තය ගවේෂණය කළ ජූලියානා පවසන්නේ උද්ධමනය සමඟ පවා අමුත්තන්ට ශ්‍රී ලංකාව දර්ශනීය, දැරිය හැකි ගමනාන්තයක් වන බවයි.
‘‘දිවයින වටේම ගමන් කරන්න, එහි අගනුවර වන කොළඹ කඩිමුඩියේ සිට සුන්දර වෙරළ තීරයන්, කුඹුරු, දිය ඇලි, තැනිතලා සහ කඳුකරය දක්වා සොදුරු තැන් ඇති බව”ඇය පවසයි. ‛‛සාපේක්ෂ වශයෙන් කෙටි දුරකින් දැකීමට බොහෝ දේ ඇත, එබැවින් ඔබේ කැමරාව සූදානම්ව තබා ගන්න. ශ්‍රී ලංකාවේ වන සතුන් හඳුනාගැනීම ඇත්තෙන්ම විශේෂයි.’’
"ඔබට අලි අභයභූමියකට සෆාරි යන්න පුළුවන්, ඉන්දියන් සාගරයේ තල්මසුන් නැරඹීමට ගොස් කඩොලානවල කුරුල්ලන්, කටුස්සන්, ජෙලිෆිෂ් සහ වඳුරන් බලන්න." යැයි ද ජූලියානා සදහන් කරයි.
අනුරාධපුර සහ මහනුවර පුරාණ නගර ඇතුළු සංස්කෘතික ආකර්ෂණ ස්ථාන ගවේෂණය කිරීමට ශ්‍රී ලංකාව කදිම ගමනාන්තයකි.
“ආගමික ස්ථානවලට යන විට ඔබේ උරහිස් සහ පාද ආවරණය වන පරිදි සම්පූර්ණ සුදු ඇඳුමකින් සැරසීමට ගැනීමට වග බලා ගන්න,” බ්‍රොස්ට් පවසයි.
බ්‍රොස්ට් නැරඹිය යුතුම ස්ථානයක් ලෙස ‘ලිට්ල් එංගලන්තය’ ලෙස හඳුන්වන නුවරඑළිය ද සඳහන් කරයි. කලාපයේ වඩාත්ම කැපී පෙනෙන අපනයන භාණ්ඩය වන සිලෝන් ටී නිෂ්පාදනය කරනු ලබන මීදුම සහිත කඳුකරය ගැන ද ඇය සදහන් කර ඇත.
අවසාන වශයෙන්, බ්‍රොස්ට් විසින් විශ්මයජනක දසුන සහ ගෘහ නිර්මාණ ශිල්පය සඳහා ප්‍රසිද්ධියට පත් වූ තවත් සුවිශේෂී ස්මාරක දෙකක් පෙන්වා දී ඇත. ඒ කොළඹ නෙළුම් කුළුණ සහ සීගිරිය යි.
ශ්‍රී ලංකාවට අප්‍රේල් මාසය දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, පසුගිය වසර 3ක කාලය තුළ සංචාරක පැමිණීම් ඉහළ නැංවීමේ අඛණ්ඩ උත්සාහයේ ධනාත්මක ප්‍රතිඵල භුක්ති විඳිමින් සිටින බවද ඇය පෙන්වා දෙයි.
පෙබරවාරි මාසයේදී Forbes සඟරාව ශ්‍රී ලංකාව ‘අප්‍රිකාවෙන් පිටත ඉහළම වනජීවී සෆාරි’ ලෙස පිළිගත්තේය. ඊට අමතරව, Big 7 Travel සමාජ මාධ්‍ය දත්ත මත පදනම්ව, 2023 දී ලෝකයේ වඩාත්ම Instagram කළ හැකි ස්ථාන 50 ලැයිස්තුවේ ශ්‍රී ලංකාව නවවැනි ස්ථානයට පත් විය.
මේ අතර ජාත්‍යන්තර TravelTriangle සංචාරක වෙබ් අඩවිය විසින් 2023 දී සංචාරය කළ යුතු හොඳම රටවල් 24 අතරට ද ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර තිබේ.