
බංග්ලාදේශය විසින් 2021 මැයි මාසයේ දී ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබා දී තිබුණි.
බංගලාදේශ රජය විසින් එම මුදල නැවත ගෙවීම ආරම්භ කිරීමට තවත් මාස 06ක් ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර තිබේ.
ඒ අනුව,ලංකාව විසින් එම ණය මුදලේ පළමු වාරිකය අගෝස්තු මාසයේදීත් දෙවැනි වාරිකය සැප්තැම්බර් මාසයේදීත් බංග්ලාදේශයට ලබාදීය යුතුය.
බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේ, ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ මාර්තු මාසය වන විට ඩොලර් මිලියන 200 ක පළමු වාරිකය ගෙවීමට බංග්ලාදේශයෙන් කාලය ඉල්ලා සිටි බවත්, ඒ වන විට එහි ණය ප්‍රතිව්‍යුහගත කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත්ය.
ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙන ශ්‍රී ලංකාව 2021 මැයි මාසයේදී මෙම ණය ලබා ගත්තේය.