වතුර වැඩිපුර බොන්නැයි සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක් | Page 2 | සිළුමිණ

වතුර වැඩිපුර බොන්නැයි සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

දිවයිනේ පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ‍මේ අතර, ප්‍රදේශ රැසක උෂ්ණත්වය සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 
 
බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී  කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. සෙසු ප්‍රදේශවල පවතින්නේ වැසි රහිත කාලගුණ තත්වයකි. 
 
මේ අතර, සූර්යා උතුරට ගමන් කිරීමේදී අප්‍රේල් 5 සිට අද දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට හිරු සෘජුවම ඉහළින් පවති. මේ නිසා දහවල් 12.10ට නල්ලූර්, පරන්තන් සහ චුන්ඩික්කුලම් යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇති බව කාලගුණ නිවේදනයේ දැක්වේ. 
 
අද දිනයේ නැගෙනහිර, උතුරු මැද පළාත සහ කොළඹ, ගම්පහ, කුරුණෑගල, කිලිනොච්චිය, වවුනියාව, මුලතිව්, මන්නාරම, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවල උෂ්ණත්වය සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.
 
වැඩි වේලාවක් එළිමහනේ ක්‍රියාකාරකම්වල නිරතවීමෙන් විජලනය සහ මස්පිඩු පෙරලීම් වැනි තත්යන් ඇති විය හැකි බැවින් ජලය වැඩිපුර පානය කරන ලෙසත්, සෙවණ සහිත ස්ථානවල විවේක ගන්නා ලෙසත්, සෞඛ්‍ය අංශ දැනුම් දෙයි. 
 

Comments