‘නැකතට පැළයක් සිටුවන්න‘ පළාත් කෘෂිකර්ම කාර්යාලවල සහයෝගය | Page 2 | සිළුමිණ

‘නැකතට පැළයක් සිටුවන්න‘ පළාත් කෘෂිකර්ම කාර්යාලවල සහයෝගය

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් පැළ රෝපණය කිරීමේ නැකත මෙවර අප්‍රේල් මස 20 දින පෙරවරු 6.38ට යෙදී ඇති බැවින් සියලුම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් සියලුම ප්‍රාදේශීය කාර්යාලවල සහයෝගය ලබා දීමට තීරණය කර තිබේ.
 
ඊයේ (11) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් එදිනට පැළ රෝපණය කිරීම සඳහා සංකේතාත්මකව පලතුරු පැළ බෙදාදීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු කරනු ලැබීය.
 
සියලුම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරු මෙන්ම පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන්ට අමාත්‍යවරයා පැළ බෙදා දීම සිදු කළ අතර 20 දින තුළ නැකතට සීමා නොවී මුලු දවස පුරාම තමන්ට පහසු වේලාවක පැළයක් රෝපණය කර මෙම ජාතික මෙහෙවරට සහයෝගය පළ කරන්නැයි අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.
 
සියලුම රජයේ හා පුද්ගලික කාර්යාල පරිශ්‍රවල ද පලතුරු පැළයක් රෝපණය කරමින් එදින රාජකාරිකටයුතු අරඹන්නැයි ද අමාත්‍යවරයා සියලුම ආයතන ප්‍රධානීන්ගෙන් ගෙන් ඉල්ලා සිටියේය.
 
මෙවර නැකතට පැළයක් රෝපණය කිරීමේ වැඩ පිළිවෙළේ තේමාව  පලයක් දෙන පැළයක් සිටුවමු යන්නයි. කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් රටේ ජනතාවගේ කුසගිනි නිවීමේ අරමුනින් දියත් කර ඇති අපිට අවශ්‍ය ආහාර බෝග  අපිම වගා කිරීමේ අපි වවලයි - අපි කන්නේ කෘෂිකාර්මික වැඩ පිළිවෙළ අනුව යමින් මෙවර ජාතික පැළ සිටුවීමේ නැකත සමරණ බවත් අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.

Comments