අද දවසේ කාලගුණය | Page 7 | සිළුමිණ

අද දවසේ කාලගුණය

 
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි
 
ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැක.
 
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
 
දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (11) දහවල් 12:11 ට කල්පිටිය, දුනුපොතගම, නිකවැව, සෝමාවතී පුදබිම සහ වෙරුගල් යන ප්‍රදේශ වලට හිරු මුදුන් වනු ඇත.  

Comments