SDB උකස් සේවාවෙන් ඉහළම අත්තිකාරම් මුදලක් | Page 3 | සිළුමිණ

SDB උකස් සේවාවෙන් ඉහළම අත්තිකාරම් මුදලක්

මෙරට බැංකු ක්ෂේත්‍රය තුළ වේගයෙන් ඉදිරියට පැමිණි SDB බැංකුව තවමත් සිය මූලික අභිප්‍රාය වන ග්‍රාමීය ප්‍රජාව සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය නඟා සිටුවීම වෙනුවෙන් කැපවී සිටී. ග්‍රාමීය සහ නාගරික ප්‍රදේශ සියල්ලම ආවරණය කරන ශාඛා 94කින් සමන්විත SDB බැංකුව විශ්වාසනීය උකස් සේවාවක් ලබා දෙන අතර, දිවයිනේ ඕනෑම ශාඛාවක් හරහා ගෙවීම් සිදු කිරීමේ පහසුකම ද සලසා දී ඇත.

ශාඛා මෙහෙයුම් ප්‍රධානී රජිත තෝරදෙණිය පැවසුවේ SDB බැංකුව සිය උකස් සේවාව හරහා අනෙකුත් බැංකුවලට සාපේක්ෂව වඩා ඉහළ ප්‍රතිලාභ රැසක් ලබා දෙන බවයි. විශේෂයෙන් ලබා දිය හැකි ඉහළම අත්තිකාරම් මුදල ලබා දෙන අතර, වැදගත්ම ප්‍රතිලාභය වන්නේ උකස් තබන දේපළ වෙත විධිමත්, පිළිගත් සහ ශක්තිමත් බැංකුවක ආරක්ෂාව හිමි වීම බව ද හෙතෙම පැවසුවේය.

Comments