Hunas Holdings PLC සහ Adrian Zecha එකඟතාව තුළින් සුවිශේෂී සංධිස්ථානයක් | සිළුමිණ

Hunas Holdings PLC සහ Adrian Zecha එකඟතාව තුළින් සුවිශේෂී සංධිස්ථානයක්

මෙරට සංචාරක කර්මාන්තයේ උන්නතිය හා සුවිසල් වර්ධනය තව දුරටත් ඉදිරියට ගෙන යෑම වෙනුවෙන් Hunas Holdings PLC ‘සියවසේ හෝටල්කරු’ලෙස විශිෂ්ටත්වයට පත් Adrian Zecha සමඟ ඉකුත් දා සුවිශේෂී එකඟතාවයක් ඇතිකර ගනු ලැබිණ. ඒ තුළින් Hunas Falls හෝටලය, විලා සහිත උසස්ම තත්ත්වයේ සුඛෝපභෝගී හෝටලයක් ලෙස නිර්මාණය වනු ඇති අතර, එය ලෝකයේ විශිෂ්ටතම හෝටල් අතරට එක්වන බවට ආයතන කළමනාකාරීත්වය විශ්වාසය ඵල කරයි. Hunas Holdings PLC සමාගම මීට පෙර Hunas Falls Hotels PLC හැඳින්වූ අතර, එම සමාගම හෝටල් හා සංචාරක, දේපොළ වෙළෙඳාම්, පුනර්ජනනීය බලශක්ති සහ තේ වතු, කර්මාන්තශාලා හා තේ තැරැව්කාර යනාදී ව්‍යාපාර ක්ෂේත්‍ර 5ක් පුරා ක්‍රියාත්මක සමූහ ව්‍යාපාරයකි.

Hunas Holdings PLC සභාපති ධනුක සමරසිංහ පැවසුවේ, 50 වසරකට එහා ගිය පළපුරුද්දක් සහිත හෝටල්ක්ෂේත්‍රයේ කීර්තිමත් පුද්ගලයකු වන Adrian Zecha සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම සමාගම ලැබූ භාග්‍යයක් බවයි. මේ එකඟතාව තුළින් සංචාරක ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම පැවසීය.

Comments