වසරේ සන්නිවේදන සන්නාමය ලෙස ඩයලොග් කිරුළු පලඳියි | සිළුමිණ

වසරේ සන්නිවේදන සන්නාමය ලෙස ඩයලොග් කිරුළු පලඳියි

2023 ස්ලිම් කැන්ටාර් ජනතා සම්මාන උලෙළේදී ‘වසරේ සන්නිවේදන සන්නාමය’ලෙස ඩයලොග් සමාගම අඛණ්ඩව 12 වැනි වරටත් කිරුළු පැලඳීය‍. ශ්‍රී ලාංකීය ජන ජීවිතවලට සුවිශේෂී බලපෑමක් ඇති කළ සන්නාම ඇගැයීමට පවත්වනු ලබන මෙම සම්මාන උලෙළේදී ඩයලොග් සමාගම සම්මානයට පාත්‍ර වූයේ රටේ නවෝත්පාදන ක්ෂේත්‍රයේ සහ ඩිජිටල් පරිවර්තනය වෙනුවෙන් ඉටුකළ පුරෝගාමී මෙහෙවර වෙනුවෙනි.

සමාගමේ සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී අමලි නානායක්කාර පැවසුවේ, ලාංකීය ජනතාවගේ ජීවිතවලට යහපත් වෙනසක් ඇති කරමින්, සදා නොමැකෙන අර්ථවත් සබැඳියාවක් සලසා දීමට හැකි වීම විශාල ගෞරවයක් බවයි.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් සංවිධාන කරනු ලබන ස්ලිම් - කැන්ටාර් ජනතා සම්මාන උලෙළ මෙවර පැවැත් වූයේ 17 වැනි වරටය.

Comments