
ඉකුත් දා පැවැති 2023 ස්ලිම්-කැන්ටාර් ජනතා සම්මාන උලෙළේදී සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීමට නෙස්ලේ ලංකා සමාගමට අයත් ජනප්‍රිය සන්නාම වන නෙස්කැෆේ සහ මැගී සන්නාම සමත් විය. නෙස්කැෆේ වසරේ උණුසුම් පාන සන්නාමය සඳහා වන සම්මානය දිනා ගත්තේ අඛණ්ඩව දෙවැනි වරට වන අතර, මැගී වසරේ ස්නැක් සන්නාමය සඳහා වන සම ජයග්‍රහණය ද දිනා ගත්තේය.එමෙන්ම වසරේ කුළුබඩු සන්නාමය ලෙස ද සම ජයග්‍රහණයකින් පිදුම් ලැබීමට ද මැගී සමත් විය.
මේ පිළිබඳ අදහස් දක්වමින් නෙස්ලේ ලංකා කළමනාකාර අධ්‍යක්ෂ බර්නාඩ් ස්ටෙෆාන් පැවසුවේ, වසර 115කට අධික කාලයක් තුළ සිදු කළ අයුරින්ම ඉදිරියටත් උසස් ගුණාත්මක බවින් යුතු නිෂ්පාදන පාරිභෝගිකයන්ට ලබා දීමට කටයුතු කරන බවයි.