
ඉන්දියාවේ පැවැති 2022 අන්තර්ජාතික ගෝල්ඩන් ලීෆ් සිනමා උලෙළේ දී හොඳම ආසියානු වෘත්තාන්ත චිත්‍රපටය ලෙසින් සම්මානයට පාත්‍ර වූ මහාචාර්ය ආරියරත්න ඇතුගල අධ්‍යක්ෂණය කළ කුළුඳුල් සිනමා නිර්මාණය වූ සහෝ චිත්‍රපටයේ මංගල දර්ශනය ඉකුත් 6 වැනිදා පස්වරුවේ දී වන් ගෝල්ෆේස් PVR සිනමා හලේ දී පැවැත්විණි. එය දැන් රිද්ම මණ්ඩලයේ සිනමාහල්වල තිරගත කෙරේ. එම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්වූහ. චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වන ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ තමාරා ගුණවර්ධන ද සේයාරුවේ දැක්වේ.
(ඡායාරූපය - නිශ්ශංක විජේරත්න)